Saturday, December 24, 2011

රැසියානු න්‍යෂ්ටික බලය

                                                                                                                                 මීටර් 12ක දිගින් සහ ටොන් 36.8ක් බරකින් යුතු න්‍යෂ්ටික හැකි‍යාවෙන් යුත් "BULAWA" නැමති අන්තර් මහද්වීපික මිසයිල දෙකක් රුසියාව සාර්ථක අත්හදා බලා තිබේ.න්‍යෂ්ටික යුධ ශීර්ෂ 6ත් 10ත් අතර සංඛ්‍යාවක් රැගෙන යා හැකි මෙම මිසයිල ගමන් කළ හැකි දුර ප්‍රමාණය කිලෝ මීටර් 8,000කට අධික බව විදෙස් වාර්තා පවසයි.1945 වසරේ හිරොෂිමාවට පරමාණු ‍බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශයට වඩා සිය ගුණයක විනාශයක්   "BULAWA"  මිසයිලය මගින් කළ හැකි බව පවැසෙන මෙම මිසයිල අත්හදා බැලීමේදි, ආක්ටික් සාගරයේ සබ්මැරීනයක සිට එල්ල කර ඇති අතර සාර්ථකව අදාළ ඉලක්කය වෙත ළඟා වූ බව රැසියානු බලධාරීන් පවසයි.මෙය ඇමරිකාව සතු ඉහලම න්‍යෂ්ටික මිසයිලය වන "US 452" මිසයිලයටත් වඩා බලවත් බවත් මෙය දැනට ලොව පවතින බලවත්ම න්‍යෂ්ටික අවිය බවත් බොහෝ යුධ විශ්ලේෂකයන්ගේ මතයයි.
                                   

0 comments:

Post a Comment