Saturday, December 24, 2011

රැසියානු න්‍යෂ්ටික බලය

                                                                                                                                 මීටර් 12ක දිගින් සහ ටොන් 36.8ක් බරකින් යුතු න්‍යෂ්ටික හැකි‍යාවෙන් යුත් "BULAWA" නැමති අන්තර් මහද්වීපික මිසයිල දෙකක් රුසියාව සාර්ථක අත්හදා බලා තිබේ.න්‍යෂ්ටික යුධ ශීර්ෂ 6ත් 10ත් අතර සංඛ්‍යාවක් රැගෙන යා හැකි මෙම මිසයිල ගමන් කළ හැකි දුර ප්‍රමාණය කිලෝ මීටර් 8,000කට අධික බව විදෙස් වාර්තා පවසයි.1945 වසරේ හිරොෂිමාවට පරමාණු ‍බෝම්බ හෙලීමෙන් සිදු වූ විනාශයට වඩා සිය ගුණයක විනාශයක්   "BULAWA"  මිසයිලය මගින් කළ හැකි බව පවැසෙන මෙම මිසයිල අත්හදා බැලීමේදි, ආක්ටික් සාගරයේ සබ්මැරීනයක සිට එල්ල කර ඇති අතර සාර්ථකව අදාළ ඉලක්කය වෙත ළඟා වූ බව රැසියානු බලධාරීන් පවසයි.මෙය ඇමරිකාව සතු ඉහලම න්‍යෂ්ටික මිසයිලය වන "US 452" මිසයිලයටත් වඩා බලවත් බවත් මෙය දැනට ලොව පවතින බලවත්ම න්‍යෂ්ටික අවිය බවත් බොහෝ යුධ විශ්ලේෂකයන්ගේ මතයයි.
                                   

Thursday, December 22, 2011

මුහුණු පොතට ගැජට් එකක්


              කලින් Firefox වලට විතරක් ආපු ගැජට් එකක් මම ඔයාලගෙ Google chrome Browser එකට දාන්න විදියක් තමයි අරගෙන ආවෙ. අපේ Facebook Chat box එකට සියලුම Facebook Chat Smiley දාගන්න පුලුවන් Google chrome extensions එකක්, ඇත්තටම මෙක නම් මැක්සා, ඔයාලත් කැමති නම් මෙක ඔයාලගේ Facebook Chat box එකට දාගන්න පහල ලින්ක් එකෙන් ඔයාලට මේ ලේසියෙන්ම දාගන්න පුලුවන්....,try it...

                 Facebook chat smiley