Tuesday, December 6, 2011

ගඩාෆි ගැන නොකියන කතාව!

                                                      

                 පාරේ වෙළඳාම් කල උපාධිධාරී රැකියා වියුක්තිකයකුගෙන් ඇරඹි අරාබි ජන රැල්ල එහි කූඨප්‍රාප්තියට එළඹෙමින් ති‍බේ......................... 
මුලින් ප්‍රංශයේ හමුදා සහය පවා දෙන්නට පොරොන්දු වී “බෙන් අලි” ට කෙලවෙන විට අනික් පැත්ත හැරුනු සාර්කෝසි තම නොමේරූ විදේශ ඇමතිනියද පලවා හැර අත සෝදාගත්තේ කිසිවක් නුවූ විලසය.
                                                                            අරාබි ලොව පමණක් නොව මුළු මහත් අප්‍රිකා අරාබි කලාපයේම ශක්තිමත් නායකයා ලෙස් විරුදාවලී ලත් ගඩාෆි එළවීමේ කුමන්ත්‍රනය කලක් තිස්සෙ රහසේ සැලසුම් කර "Nicalow Sarcosi"ගේම ආශිර්වාදයෙන් බෙන්ගාසියෙන් එලි බැස්සේ ඉන් පසුවය.
                     බටහිර මාධ්‍ය අනුව යන අපේ ගොනුන්ද උම්බෑ කියමින් ගඩාෆි ඒකාධිපතියෙකුයැයි කියති. මානව හිමිකම් නොසලකා හැර, තම රට වැසියාට නොසැලකූ නායකයකුට මේ උන දේ මෙවන් අනික් උන්ටත් හොඳ පාඩමැකියි කියති. 
                                            මෙසේ කියන්නන්ට අමත වූ දෙය නම ඔවුන් මේ වමාරාන්නෙ BBC,ABCහා CNN කියන්නක්ම මිස ඉන් එහ සෙවූ බැලූ යමක් නොවන බවය (ලංකාව සම්භන්දයෙන් මුන් කල කී දෑ අමතකව ගොස් ඇති හැඩයි).
                                               සමහරුන්ට ගඩාෆි මල එක හොඳය. ඒ ඔහු මහින්දගේ කරට අතා දමා සිටි, මේ ආන්ඩුවට සිටි අංක එකේ ෆිට් එකක් නිසාය. එතන ඇත්තේද කුහක කමකි. මහින්දට කෙළ වෙන්නෙ නැති එකේ යාළුවෙකුටවත් කෙළ උනානෙ යැයි සිතා ප්‍රීති වෙති.නමුත් මේ සියල්ලෝම - බටහිර සහ නැගෙනහිර - ගඩාෆි යනු කවුද යන්න සහගඩාෆිගේ ලිබියාව යනු කුම්ක්දැයි නොදැන සිටි බව පැහැදිලිය.ඇත්තවශයෙන්ම බටහිර ලොක්කන් මෙය දැන සිටීමම ඔහුගේ අවසානයට හේතු විය. 
                 
                      සදාම් හුසේන්ට විරුද්ධව ගෙන ආ ලොකුම තර්කයනම් ඔහු විසින් කරනු ලබන මානව හිමිකම් කඩ කිරීම් සහ මානව සංහතියට එරෙහිව නිපදවූ විනාශකාරී රසායනික අවි ගැන කතාවකි.මෙම සීනි බෝල තර්කය ඉදිරියට දමා සදාම් නසා දමා ඔහුගේ ඉරාකය විනාශ කල බටහිරයන් අද ඉරාක වැසියන්ට ප්‍රජාතන්ත්‍රවාදයේ පාඩම හිරගෙවල් වල අකේ පුරිමින් කියා දේ...!
                              හුසේන්ගේ කාලයේ ඉරාක වැසියෝ ගැන මිස කුර්දි, ෂියා, සුන්නි මරාගෙන මැරෙන ඉරාක බෝම්බ කරුවන් ගැන අප අසා නොතිබුනි.එදා බැග්ඩෑඩයක් ගැන මිස ග්‍රීන් සෝන් එකක් යනුවෙන මඟුලක් නොතිබිනි.එහෙත් අද බටහිරයන් ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයේ පිහිටෙන් සුන්නි බෝම්බ කරුවො නිරායුධ ෂියා වන්දනාකරුවන් මරා දමති. ග්‍රීන් සෝන් එකෙන් එපිටට යෑමට ඇමරිකානු "black Eagle"ආරක්ෂක බටයින්ට දහස් ගනන් ගෙවන ඉරාක ධනවතුන්,ව්‍යාපාර විනාස වී,ගෙවතු,ගොවි බිම් පාළු වූ අන්ත දුප්පත් ඉරාක ජනයා මහ මඟ, වෙළඳපොලවල් වල නිරායුධව මියයද්දී අහක බලාගෙන යති. එදා දහස් ගනන් සංචාරකයන් ඇද බැඳගත් යුප්‍රටීස්,ටයිග්‍රීස් පුරාවස්තු පිරි බැග්ඩෑඩ් කටුගෙය අද කටුගෙට ගොස් ඇත.ඒ ඉරාකයට උදාවූ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයයි.
                        එහෙත් ඇත්තටම හුසෙන් එළවා දමා yankin ඉරාකය අල්ලගත්තේ ඔය මොන කෙහෙම්මල් මානවහිමිකම් මඟුලක් නිසාවත් නොව ඔහු ඒ වනවිටත් ඩොලර් වෙනුවට යුරෝ වලින් තෙල් විකිනීමට ප්‍රංසය සමඟ වූ එකඟතාව බව අද බොහෝ ප්‍රසිද්ධ රහසකි.    තෙල් නොවිකිනෙන ඩොලරයට වෙන සන්තෑසිය හා එනිසාම තම රටට වෙන විපත ගැන නූලට ගනන් සෑදූ මානවහිතවාදි ඇමරිකානුවෝ කල් යල් බලා හුසේන් එළවා දමා තම තැන රැක ගත්තෝය.
                   හුසේන්ගෙන් පසු මැදපෙරදිග ඊළඟ කරදරකාරයා වූ ගඩාෆි හෙල්ලුනි.තම මිතුරකුම නුවූවත් සතුරකුද නොවූ හුසේන්ට බටහිරයන් එකතුවී ගහද්දී බල තුලනයක් නැති සහ ඒ වන විට කොන්ද කැඩී සිටි රුසියාවත් නින්දෙන් අවදිවෙමින් සිටි චීනයත් ඇමරිකානු පතුල් ලෙව කෑ ඉන්දියාවත් ගත් මඟ දුටු ගඩාෆි සිය සෘජු බටහිර විරෝදී පැහැය මදක් වෙනස් කොට ඔවුන් හා මිතුරු විය.
                                   "Lokarbig" සිද්දියට සම්භන්ධ සැකකරුවන්ට එරෙහි නීතිය ක්‍රියාවේ යෙදවීම්ට උදව් දුන්නා පමණක් නොව එතෙක් බටහිරට වස තිබූ දොර කව්ළු හැර බ්ලෙයාර්ලා,බුෂ්ලා සහ ඔබාමලා සමග කෙබාබ් කන්නට පටන්ගති.
                 ගඩාෆි දිගුකල මිත්‍රත්වයෙ සුරත පිළිගනිමින්ම ඔහුට ගේම දෙන්නට ප්ලෑන් ගැසූ බටහිරයන්ට ගඩාෆිගෙන් වෙන්නට ගිය ලොකුම අනතුර ලෙස දුටුවේ ඔහු ගෙන ආ රන් ඩිනාරයේ සංකල්පයයි. ඉස්ලාම් තෙල් නිපදවන රටවල් සහ අප්‍රිකානු රාජ්‍යන් සමඟ ඩොලරයට එරෙහිව නිර්මානය කල මේ සංකල්පය ප්‍රංස ජනාධිපතිවරයා විසින් හැන්දින්වූයේ " මානව සංහතියේ මුල්‍යස්ථාවරත්වයට කරන ලද තර්ජනයක්" ලෙසයි. 
මැලේසියාව,බෲනායි සහ අනෙකුත් උතුරු අප්‍රිකානු රාජ්‍යන් සමඟ එක්ව ගෙන එන්නට නියමිතව තිබූ මෙම රන් ඩිනාරයෙ සංකල්පය යම් හෙයකින් සාර්ථක් වුනි නම් මේ වන විට ඇද වැටෙමින් ත්බෙන යුරෝ සහ ඇමරිකානු ආර්ථිකයන් දණ නොව හාන්සිම වී යන බව කලින්ම ඉව වැටුන නැටෝව ගඩාෆිට විරුද්ද ගෝත්‍රිකයින් වූ "සුවය්යාහ්"වරුන් සමඟ කුම්න්ත්‍රනය ඇරඹුවේ 2010 සිට බව දැන් හෙලිවී තිබේ.
                                                          ලිබියාව යනු විවිධ ගෝත්‍ර අසූවකට ආසන්න ප්‍රමාණයක් ඇති විශාල භූමිප්‍රදේශයක් සහිත රටකි. මෙහි ගෝත්‍ර අතර සටන් ඉතිහාසය පුරාම දකින්නට තිබූ අතර ලිබියාව යටත් කරගෙන සිටි තුර්කින් සහ ඉතාලියනුවන් මෙම ගැටුම සමනය කර මේ ප්‍රධාන ගෝත්‍ර දෙක වන බටහිර ( ට්‍රිපොලි, බානි වලිද්, සර්ට් ) කේන්ද්‍රකරගත් “වාෆල්ලාහ්” සහ දකුණු සහ පෙරදිග කේන්ද්‍ර කරගත් ( බෙන්ගාසි, මිසුරාටා ) "සුවය්යාහ්" සමඟි කිරීමට දැරු සියලු උත්සාහයන් විනාස වී ගිය බව කියැවේ.එහෙත් 1969 යේ කුමන්ත්‍රනයකින් බලය ලබා ගත් ගඩාෆි තම විරුද්ධ ගෝත්‍රයෙන්ද බිරින්දෑවකු සරණ පාවගෙන සැමට සම සැලකුම් සඳහා ඉස්ලාමීය සමාජවාදය" යන අදහසින් කටයුතු කරමින් එකසත් ලිබියාවක් ගොඩ නැංවීය.ඒ වනවිට මුළු මහත් අප්‍රිකා මැද පෙරදිග කලාපය පුරාවටම තිබූ විශාලතම ඇමරිකාණු ගුවන් කඳවුර වූ "ව්විලස් එයාර් බේස් " අකුලාගෙන ගෙදර යන්නැයි කී නිසා ගඩාෆි ආ දින සිටම බටහිර මිතුරෙකු නොවීය.ඇමරිකානු සහ ඉතාලි සමාගම් විසින් සොරා කමින් තිබූ තෙල් සම්පත ජනසතු කල ගඩාෆි එහි සියළු ප්‍රථිලාභ තම ජනතාවට ලබා දුනි. 
           ගඩාෆිට විරුද්ද්ධව බෙන්ගාසි කැරලි කරුවන් නැගී සිටින විට මුළු ලිබියාවේම තිබුනී නිදහස් සෞක්‍ය සේවකි. ප්‍රාථමිකයේ සිට විශ්ව විද්‍යාලය තෙක්ද ඉන් නොනැවතී විදෙස් ටරක ලබන අධ‍යාපනයටද රජයෙන් ගෙව්වේ .මේ ඒවන් ගඩාෆි රජයේ තිබූ තවත් ප්‍රථිලාභ කිහිපයකි.


  1. නොමිලේ ගෘහස්ථ පරිබෝජනය සඳහා විදුලිය.
  2. පොළී රහිත ණය,සෑම සිසුවෙකුටම ඩොලර් 230ක මාසික දීමනාවක්
  3. සියළු සේවකයන්ගේ විශ්‍රාම වැටුප් දායකත්වය රජය මඟිනි.
  4. සේවා වියුක්තිකයන්ට ජිවත්වීමේ දීමනාවක්.
  5. සෑම විවාහක යුවලකටම නිවසක්.
  6. සියළු මෝටර් රථ බද්දෙන් නිදහස්.
  7. පාන්ගෙඩියක් ඩොලර් සත 05 කි.
  8. අපනයනය කරන සෑම තෙල් බැරලයකින්ම ප්‍රතිශතයක් ජනතාවට බෙදා දීම.
  9. කාන්තාරයෙ සහ ගමමාණ වල විසූ සැමට පාණීය ජලය.
  10. උපදින සෑම දරුවෙකු සඳාම ඩොලර් පන්දහසක දීමනාවක් .
                                                                                           මේ එකාධිපතියකුගේ වැඩවලින් තවත් කොටසකි.                                                   ලොව එතෙක් මෙතෙක් නිමැවූ දීර්ඝතම කෘතිම ජල මාර්ගය හෙවත් මිනිස් අතින් නිමැවූ මහා ගංගාව ගඩාෆිගේ වැඩකි එම ව්‍යාපෘතියට සමඟාමීව කාන්තාර හරහා එලූ මාර්ගවලින් මුළු ලිබියාවම යා කර සෑදූ ජාලයේම ආ පෙරදිග ලිබියානුවන් ගඩාෆි මරා දැම්මෝය.
                                           ලිබියානුවන් 25% උසස් අධ්‍යාපනය ලැබූවන් වෙති. එහි සාක්ෂරතාව 82% කි. දරිද්‍රතාවයේ රෙඛාවට පහලින් සිටින්නේ ලිබියානුවන්ගෙන් සියයට පහක් වැනි සුළු පිරිසකි. පුරවැසියන් ලක්ෂයකට සිටින්නේ සිරකරුවන් හැට එකකි මෙය ඇමරිකාවේ හත්සියයකට වැඩිය...!
                                      එසේනම් උතුරු අප්‍රිකාවේ තිබූ සමෘධිමත්ම රාජ්‍යයේ පාලකයා මෙසේ බෝක්කුවක් අස්සෙන් ඇද විත් මහමඟ වෙඩිතබා මැරුවේ ඇයි.
                    මෙයට හේතුව ඔහු බටහිරයන් කී ලෙසට නැටුවේ නැති බැවිනි. බටහිර මානව හිමිකම් විකාර සහ ප්‍රජාතන්ත්‍රවාදී බයිලා මීට වසර තිහ හතලිහකට, එනම් පරම්පරාවකට පෙර යන්තම් කූඩාරමෙන් එළියට ආ අරාබින්ට නොගැල පේ.ගල්ෆ් කලාපයේ සිටින්නේ තරමක් දුරට දියුණු අරාබි සමාජයක් වුවද අප්‍රිකාවේ සිටින්නන් තවම ඉන්නේ ඊට බොහෝ ඈතිනි.
              මොවුන් පාළනයට දැඩි නීති මිස වෙන කිසිවක් නොසැහේ. මේ වග අපේ "හවුස් මේඩ්"කෙනෙකුගෙන් ඇසුවනම් සුද්ධ සිංහලෙන්ම දැනගත හැක. බටහිර ඔත්තුසේවා විසින් කාලයක් තිස්සේ ගැසූ ගැටය නියම ලෙස තද කරන්නට ටියුනීසියාවෙන් ආ රැල්ල පාවිච්චි කල අතර, අමන ගෝත්‍රිකයන්ගේ උගත්කම යටවී නැට්ට එළියට ආවේ කොටසක් ලිබියානුවන්ගේද සම්මා සතිය බටහිර මුලාවෙන් වැසී ගිය නිසාය. වැල යන අතට මැස්ස ගැසූ තව තවත් ලිබියානුවන් මෙයට එකතු විය. 
       ලොව පළමු වරට රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන් අත ෆයි සීරෝ හා පැඩල් ගන් විය. උන් බෙන්ගාසියේ හමුදා කඳවුර බිමට සමතලා කල විට එහි ගිය ලිබියානු හමුදා සාමාන්‍ය වැසිය 420ක් මරා දැමුයේයැයි එක්සත් ජාතීන් කලබල විය. වහා යෝජනාවක් සම්මත කල එක්සත් ජාතීන් නේටෝවට බලය දුන්නෙ ලිබියානු ජනතාව බේරා ගන්නැයි කියාය.
                                                                           අද ලිබියානුවන් තිස් දහසක් එලොව ගොස් මෙලොව සිටිනා උන්ට විමුක්තිය උදා කරදී තිබේ. එකතු නොවූ ගඩාෆි හිතවාදීන්ට අද ට්‍රිපොලි හි කුමක් වන්නේදැයි සෙවීමට නවී පිල්ලිය යැවිය යුතුය.දැන් එංගලන්ත විදේශලේකම් පවසා ඇත්තේ අපට ලිබියාව ගොඩනැගීමේ අවස්තාව උදා වී ඇති බවත් තම ව්යැවසායකයින් ඒ දෙස උනන්දුවෙන් බලා සිටිනා බවත්ය.ඩොලර් බිලියන දෙකක බොම්බ කට්ටිය එකතුවී ලිබියාවට දැම්මේ මේ නිසාය.නැතුව මොන ඒකාධිපතියකුවත් නිසා නොවේ. 
                           
                                                                                                             මේ වනවිට සිරියාවේ බෂාර් අල් අසාද් විසින් දෙදහසකට අධික පිරිසක් මරා දමා තිබේ.අරාබි ලීගයද,ඇමරිකාව ප්‍රමුඛ නෙටෝවද, නිහඬය. ලිබියානු ඩොලර් බිලියන දහස් ගනනක මුදල් සිරකල ආකාරයට සිරියාට සම්භාධක පණවන්නේ නැත...!මන්ද රැසියානු නාවිකබලකායට ඇති බිය නිසාය.එමෙන්ම චීනය හා රුසියාව තම "නිශේද"බලය පාවිච්චි කර එක්සත් ජාතීන්ගේ සම්භාධකද වලකා ඇත.ඊයෙ පෙරේදා සවුදියෙ සිට සනීප වී ගෙදර ආ යේමනයේ “අලි අබ්දුල්ලා සලේ”මේ වනවිට දස දහසකට අධික විරෝධතාකරුවන් පිරිසක් මරා දමා තිබේ.නමුත් කාටවත් රුදාවක් නැත.මන්ද ලිබියාවෙ මෙන් බැරලය ඩොලර් එකට ගොඩ ගන්නට තෙල් යේමනයේ නැති නිසාය.
                                                        අවසානයේ කිව යුත්තේ පිස්සන් පාලනය කිරීමට පිස්සන් අතරින්ම බිහිවූ හොඳ පිස්සෙකු විනාස වී හමාරය. ලැබුනු බතත් මේ මඟුලෙන් පසු කෙලවන බව දැනගන්නා විට අවි අතදරා සිටින ලින්බියානුවන් යුරෝප සිහින් කුණු කූඩයට යවමින් තම තුවක්කු සුද්දන් දෙසට හරවනු ඇත. අපි එතෙක් බලා සිටිමු.

තම ජාතියට රටට අසීමිතව ආදරය කල නිසා අවසන් මොහොත දක්වාම සටන් කල ගඩාෆිද,තම පියාගේ අවසන් මොහොත තෙක් ඔහු සමඟම හිඳ නියම යුධ උපදේශකයකු සහ ප්‍රධාන ආරක්ශකයා ලෙස කටයුතු කල මුටාසිම්ටද මගේ නම් ඇත්තේ ගෞරවයක් පමණි!

මේ ගඩාෆිගේ කොලපාට සමාජයයි (සී ඒ චන්ද්‍රප්‍රේමගේ විකාර පොත නොවේ )

මේ මීට වසරකට පෙර ගඩාෆිගැන හොඳ කියූ UN එකේම නිල වාර්ථාවයි.....................!

The world greatest country and politicians

                Russia is the largest country in the world, a status it maintained even after shedding 14 countries when the Soviet Union dissolved in 1991.

It has been contending with its Soviet past ever since, even as the economic chaos of the Russian Federation’s early days gave way to oil-fueled growth, and an early riot of political activity was been tamped down by the authoritarian regime of Vladimir V. Putin.


For more than a decade, Russian politics have been dominated by Mr. Putin, who was named acting prime minister in 1999 by the former president, Boris N. Yeltsin, and then elected president in 2000. Arising from obscurity, Mr. Putin, a former K.G.B. officer, proceeded to consolidate control over almost every aspect of society and business and marginalize what opposition still existed.


His success in stabilizing the society and the firmness with which he clamped down on rebels in Chechnya made him widely popular. He remained president until 2008, when he had to step down because the Russian constitution limits a president to two consecutive terms.


His hand-picked successor was the younger and more pro-Western Dmitri A. Medvedev, who was elected in 2008. But Mr. Putin did not relinquish control. The solution was a “tandem” government: Mr. Medvedev became president and Mr. Putin moved to the post of prime minister, though he remained the most influential man in Russian politics.


In late September 2011, Mr. Putin revealed his intention to reclaim the Russian presidency, and in late November he accepted his party’s nomination.


But, in the intervening months since his announcement, the country’s mood had changed. Far from hailing the extension of the Putin era, Russia appeared to be deeply annoyed. During parliamentary election in early December, Mr. Putin’s United Russia party suffered surprisingly steep losses, barely reaching a 50 percent majority.


Three opposition parties made big gains. United Russia appeared to have little choice but to forge a working relationship with at least one of the three, and Mr. Putin faced an unexpectedly challenging three-month campaign for the presidency.